Wednesday, December 31, 2008

පැවිදි පිංකම



කාලෙකින් මොකුත්ම ලියන්නත් බැරි උනා වැඩ අධික කම නිසාම. මේ ටික ලියන්නත් වෙලාව හොයා ගත්තා බොහොම අමාරුවෙන්. පහුගිය 28 වෙනිදා බොහොම පිංවන්ත වැඩසටහනකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුනා. ඒ තමයි ගිහි දරුවන් 60 දෙනෙකු පැවිදි වීමේ අවස්ථාව. මේ වැඩසටහට පැවත්වුනේ හොරණ මහමෙව්නා භාවනා අසපුවේදී. විශාල පිරිසක් සහාභාගී වෙලා හිටියා. මේහි තවත් විශේෂත්වයක් තිබුනා, ඒ තමයි දෙමළ ජාතික පිං වතෙකුත් පැවිදි වීම. බුද්ධ සාසනය තුල ජාති, කුල භේද නොමැති බවට මෙය හොද සාධකයක්. මේ බුද්ධ පුත්‍රයානන් වහන්සේලාට ඒ පිරිසිදු බුද්ධ වචනය ලොව පුරා පතුරුවන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා!!!

පහත තියෙන්නේ එදින වැඩසටහනේ ජායාරූප කිහිපයක්


Horana - 28th December 2008