මිනිසාගේ චින්තනය විව්ධ සාධක මත රදා පවතී. බොහෝ විට තමන් ජීවත් වන පරිසරය, සමාජය ආදී නොයෙකුත් භාහිර චින්තන ධාරවන්ගෙන් පොෂණය ලබා එයට තමන්ගේ අදහස්ද එකතු කර එකිනෙකාට අනන්යව සීටී. එවැනි පංචස්කන්ධයක ඇතිවෙන සිතුවිලි සමුදායක් යතුරුකරණය කොට පළවෙයි මේ ලෙස...
Thursday, June 4, 2009
පොසොන් අසිරිය
ඒ ක්රි.පූ. තුන් වන සියවසයි. අනුරපුර යුගය, දෙවනපෑතිස් රජ සමයයි.විනෝදය පිණිස මුව දඩයමේ යන රජු මිස්සක පව්ව අසලින් මුවකු පසුපස ලුහු බඳී. මිස්සක පව්ව මත කහ වතින් දිලෙන මිහිඳු මහරහතන් වහන්සේය.
"තිස්ස තිස්ස" පව්ව මතින් නැගෙන ශාන්ත හඬකි. රජු නැවතී හැරී බලයි.
"සමණාමයං මහාරාජ ....."
"මහරජ අපි ඔබට අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණි බුද්ධ ශ්රාවකයෝ වෙමු."
රජු අතින් දුනු හී ගිලිහෙයි. මුව පොව්වාගේ දිවි රැකෙයි. අනතුරුව ඉතිහාසයේ අපට හමුවන ප්රථම බුද්ධි පරීක්ෂණය ඇරඹෙයි.
'අඹ පැනය', 'ඥාති පැනය'......
පුළුල් බුද්ධිමය සංවාදයකි. ධර්මාවබෝධ ඥානයෙන් යුතු රජුගෙන් සාර්ථක පිළිතුරු.
පොසොන් සඳ එළියෙන් අප හෙළ - බොදු ලකුණ හෙළි කරවමින් "සුළු ඇත් පද උවම් සුතුර" හෙවත් "චුල්ල හත්ථි පදෝපම සූත්ර" දෙසුම ඇරඹෙයි.
ඒ රමණීයවූත්, ශාන්තවූත් පිරිත් ස්වරය සිරිලක ජන හදවත් දම් සිසිලෙන් නහවමින් මිස්සක පව්ව මතින් ගලා යයි.
උපුටා ගැනීම : සිංහල විකිපීඩියා
Subscribe to:
Posts (Atom)